කොරෝනා ආසාදිත රෝගීන් 71කු එකවර අද අද දින වාර්තා වීමේ හේතුවෙන් පිළියන්දල තුම්බෝවිල උතුර ග්‍රාම සේවා වසමේ කරදියාන වත්ත ග්‍රාමය හුදෙකලා කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය
අනෙකුත් ප්‍රදේශ වලට කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් පැවතිය හැකි බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ උපදෙස් මත එම තීරණය ගත් බව වෛද්‍යවරයා කීය
ඉකුත් සතිය තුළ කොරෝනා රෝගීන් 16 දෙනෙකු හමුවීමත් සමගම එම ග්‍රාමයේ නිවාස 750ක පුද්ගලයන් 419 කු උදෙසා දින දෙකක් පුරා සිදුකළ පි සි ආර් පරීක්ෂණයෙන් අනතුරුව රෝගීන් 71 හඳුනා ගැනීමට හැකි වූ බව වෛද්‍යවරයා කීය
එම රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන කර යොමු කළ බවත් පොලිස් මාර්ග බාධක දමා අවශ්‍ය පියවර ගත බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ