රජයේ වී මිලදි ගැනීමේ වැඩපිළිවෙල යටතේ පොළොන්නරුව දිස්ත්රික්කයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා සංකීර්ණ 23 ක් විවෘත කර අස්වනු මිලදී ගැනීම සිදු කෙරෙනවා.
වී මිලදි ගැනීමේ වැඩපිළිවෙල පොළොන්නරුව දිස්ත්රික්කය තුළ සාර්ථකව සිදුකෙරෙනු ඇත. නාඩු කිලෝග්රෑම් 1 ක් රුපියල් 50 ක සහ සම්බා කිලෝවක් රුපියල් 52 කට මිලදී ගැනීමටයි රජය පියවර ගෙන තිබෙන්නේ.
රජය වී මිලදී ගැනීම කඩිනමින් සිදු කිරීමත් සමග පෞද්ගලික වෙළෙදුන් ද ගොවිජනතාව වෙතම පැමිණ වී මිලදී ගැනීම සිදුකරනවා.
රජයේ වැඩපිළිවෙල හේතුවෙන් පහසුකම් රැසක් හිමිව ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ.