පොළොන්නරුවේ ගුරු හිඟය සහ පාසල්වල අඩු පාඩු ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි
- 5 07 2020
- 21:59
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු හිඟය සහ වෙනත් අඩු පාඩු පිළිබදව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.
ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල්වල පවතින අඩු පාඩු පිළිබඳ පූර්ණ වාර්තාවක් තමාට ලබා දෙන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (05) පස්වරුවේ පොළොන්නරුව අත්තනකඩවල ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
කුඩා පරිමාණව මැණික් ගැරීමේ නිරත ඇලහැර ජනතාවට පරිසරයට හානි නොවන අයුරින් සිය කර්මාන්තය කරගෙන යාමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. මේ ජන හමුව අපේක්ෂක අමරකීර්ති අතුකෝරළ මහතා විසින් සංවිධාන කර තිබිණ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
