බස්නාහිර ,සබරගමුව .දකුණ,මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
දෘශ්‍ය ලෙස සුර්යයා දකුණට ගමන් කිරිමේදි අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 7 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවති.
හෙට (4) දින දහවල් 12.09ට කටුනායක ,පස්යාල,ගම්පොළ,බිබිල,කොක්නහර සහ තම්පද්දෙයි ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවති.