හෝමාගම මාගම්මන ප්‍රදේශයේ උත්සව ශාලාවක පිහිනුම් තටාකයකට වැටි බරපතළ තත්ත්වයෙන් පසුවූ සය හැවිරිදි පිරිමි දරුවකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව ,හෝමාගම මූලික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ,හෝමාගම උඩුවන ප්‍රදේශයේ පදිංචි සය හැවිරිදි පිරිමි දරුවෙකු බව විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා කීය.
අනතුරට පත් දරුවා ,දෙමාපියන් සමග (02) දා, දහවල් හෝටලයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී ඇති අතර එහිදී කෙළි සෙල්ලම් කරමින් සිටි දරුවා ටික වේලාවක් යන තෙක් දැක ගැනීමට නොමැති නිසා ඒ පිළිබඳ ඥාතීන් විපරම් කිරීමේදී උත්සව ශාලාවට පිටුපසින් පිහිටි පිහිනුම් තටාකයේ වැටී අනතුරට ලක්ව සිටිනු දැක ඇතැයි පොලිසිය පවසයි .
ඒ අනුව ක්ෂණයකින් ඥාතීන් එක්ව දරුවා පිහිනුම් තටාකයක් ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි .
ඒ වන විටත් දරුවා සිහිමුර්ජාවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නියැලිව සිටීම නිසා ප්‍රතිකාර සඳහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව පැවසේ .
එහිදී රොහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය පැය තුනකට අධික කාලයක් පුරා දැඩි පරිශ්‍රමයක් දරා දරුවාගේ ශ්වසනය යථා තත්ත්වයට පත් කිරීම පියවර ගත්තේය .
එහෙත් දරුවාට තව දුරටත් ප්‍රතිකාර කළ යුතු බවට , ළමා වෛද්‍ය විශේෂඥයින් නිර්දේශ කිරීම නිසා සවස 6.30 පමණ දරුවා ,කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරය ඒකකයට මාරු කර යැවීමට පියවර ගත් බව විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය ..
දරුවා පිහිනුම් තටාකයට වැටී ටික වේලාවක් යනතෙක් කිසිවෙකුත් දැක නොමැති වීම නිසා දරුවා මෙසේ බරපතළ තත්ත්වයට පත්ව ඇති බව ද පැවසේ.
මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න