ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කෝට්ටේ පැවැත්වීමට නියමිත රැස්වීමක සැරසිලි කටයුතු වෙනුවෙන් කෝට්ටේ මහ නගර සභාවේ සේවකයන් හා වාහන භාවිත කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා චෝදනා කරයි.
මෙය ලැජ්ජාවට කරුණක් බවත් ඒ පිළිබඳව තමන් කොමසාරිස්වරයාට පැමිණිලි කළ බවත් සඳහන් කරයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොට්ටේ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය.