ඉංග්‍රීසි භාෂාව චතුරව හැදෑරීමට පහසුකම් සැපයෙන අත් පොත් මිලදී ගැනීමට යැයි රවටා, දාහත් හැවිරිදි පාසැල් සිසුවියක් කොළඹට රැගෙනවිත් ,සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කළ බව පැවසෙන , ගම්පහ ජාත්‍යන්තර පාසලක පරිගණක මෘදුකාංග ගුරුවරයෙකු ලබන අගෝස්තු 4 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලියනගේ මංජුල රත්නායක මහතා නියෝග කළේය.
හතලිස් නව හැවිරිදි සැකකරු , තම පාසලේ ඉගෙනුම ලබන මෙම සිසුවිය ,නිට්ටඹුව ප්‍රදේශයේ සිට මාදිවෙල කිඹුලාවල ප්‍රදේශයට රැගෙන විත්, රථගාලක් තුළ මෝටර් රථය නවතා ලිංගික අතවර කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි .
ඒ අනුව අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ,සැකකරු ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක පරිගණක මෘදුකාංග ගුරුවරයකු ලෙස සේවය කරන බවත් එම පාසලේම ඉගෙනුම ලබන දාහත් හැවිරිදි පාසැල් සිසුවියක් මෙසේ රැගෙන විත් ලිංගික අතවර කර ඇති බවත් පැවසේ .
ඉංග්‍රීසි චතුරව හැදෑරීමට නම් පරිහරණය කළ යුතු පොත් කිහිපයක් පිළිබඳ තොරතුරක්, ලන්ඩන් නුවර පදිංචිව සිටින සිසුවියගේ නැන්දනිය පසුගියදා ඇයට දන්වා ඇතැයි පැවසේ .
ඒ අනුව අදාළ පොත් මිලදී ගැනීම පිළිබඳව සැකකාර ගුරුවරයාගෙන් විමසූ විට ,එම පොත් , ඉතා අඩු මිලට ලබා ගැනීමට හැකි බවත් ඒ සඳහා කොළඹ ප්‍රදේශයේ තම මිතුරෙකු සිටිනා බවත් සිසුවියගේ ඥාතීන්ට දන්වා ඇතැයි පැවසේ .
ඒ අනුව සිසුවිය සමග සැකකරු සිය මෝටර් රථයෙන් කොළඹට පැමිණ , නැවත ගම්පහ ප්‍රදේශයට යන අතරතුරදී , මද විවේකයක් සඳහා සිසුවියගේ ද කැමැත්ත පරිදි මාදිවෙල කිඹුලාවල ප්‍රදේශයේ රථගාලක් තුළ මෝටර් රථය නවතා ඇතැයි පැවසේ .
පසුව ඉදිරිපස අසුනේ සිටි සිසුවිය පසුපස අසුනට යෑමත් , ඒ සමඟම රියදුරුද පසුපස අසුනට ගොස් දොරවල් වසා ගැනීමත් පිළිබඳව ,අසල සිටි ත්‍රීරෝද රථ රියැදුරකු දැක ඒ පිළිබඳව සැක සිතී , රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට මේ බව දන්වා ඇතැයි පැවසේ.පොලිස් නිලධාරියෙක් මෝටර් රථය පරික්ෂා කිරීමට යාමේදී සැකකරු සිසුවියට ලිංගික අතවර කරමින් සිටිනු දැක ඇති බවත් එම අවස්ථාවේදී දෙදෙනාම නිරුවත්ව සිට ඇති බවත් පැවසේ.
ඒ අනුව සැකකාර ගුරුවරයා සහ සිසු විය මෝටර් රථය ද සමග අත්අඩංගුවට ගෙන තලංගම පොලිසියට රැගෙන ගොස් මූලික විමර්ශන පවත්වා මෙසේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි .
එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා සිටියේ සැකකරුට ඇප ලබා දෙන ලෙසයි . එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන අගෝස්තු 4 දා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.
එසේම දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවන ලෙසටත් ඇයගේ තාවකාලික භාරකාරත්වය පියාට පවරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න