ලංකා පිගන් සංස්ථාව මිට වසර ගණනාවකට පෙර නිෂ්පාදනය කළ නිෂ්පාදන වර්ග 30ක් තිබූ බවත්, අද වනවිට එය උළු සහ ගඩොල් යන නිෂ්පාදන දෙක පමණක් දක්වා අඩුවී ඇති අතර ඉදිරියේදී පැරණි නිෂ්පාදනයන් වෙත නැවත ප්‍රවේශ වීම පිගන් සංස්ථාව සිය ඉදිරි දැක්ම කරගත යුතු බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ පැවසිය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(08) දිනයේ දී ලංකා පිගන් සංස්ථාවේ නිලධාරින් සහ අමාත්‍යවරයා අතර අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවකදීය.
එමෙන් ම පෙර පාසල් සහ පාසල් දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය වන, චීනයෙන් ගෙන්වා ලබාදෙන ප්‍රමිතියෙන් තොර 'මැටි ක්ලේ' වෙනුවට ලංකා පිගන් සංස්ථාවෙන් සෞඛ්යාරක්ෂිත 'මැටි ක්ලේ' ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා ලෙස ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයත්, විශ්ව විද්‍යාලවල සහ උසස් තාක්ෂණික විද්‍යාලවල ශිෂ්‍යයන් ද සහභාගී කර ගනිමින් ඉදිරියේදී ලංකා පිගන් සංස්ථාවට අවශ්‍ය භූගත මැටි සොයාගැනීම පිළිබද පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් පිගන් සංස්ථාවට නව ආදායම් උපයා ගැනීමේ සැලැස්මක් ද සකසන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.