පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සඳහන් කර සිටියි.
වයස අවුරුදු 12 - 18 ත් අතර පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නත හෝ මොඩර්නා එන්නත ලබාදීම පිළිබඳ වැඩි අවධානයක් යොමු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය
අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.