පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් කුලී නිවාසයන්හි දිවි ගෙවන පවුල් හයක සාමාජිකයින් සදහා ගණේමුල්ල, බොල්ලත ඉදිකළ නිවාස හයක් ප්රදානය කිරීම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අගරදගුරුතුමන්ගේ ඉල්ලීම පරිදි ඉතාලියේ කරිටාස් අන්තෝනියානා කතෝලික ආයතනය මගින් ප්රදානය කරන ලද රුපියල් ලක්ෂ 185 ක මූල්‍ය ප්‍රදානයක් මත අගරදගුරුතුමන් යටතේ පවතින සෙත් සමාජ සේවා ආයතනය මගින් මෙම නිවාස හය සහිත තෙමහල් ගොඩනැගිල්ල ඉදිකොට ප්රදානය කරනලද බව එම සමාජ සේවා ආයතනයේ අධ්යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන් සදහන් කළහ.
පළමු අදියර ලෙස මෙලෙස පවුල් හයකට නිවාස ලබාදීම සිදු කළ බවත් පාස්කු ප්‍රහාරය ලක්වු කුලී නිවාසයන්හි වෙසෙන තවත් පිරිසකට නිවාස ලබාදීමට කටයුතු කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
නිවාස බාරදීමේ අවස්ථාවට සහායක රදගුරුතුමන්ලා වන ජේ.ඩී.ඇන්තනී , ඇන්ටන් රංජිත් යන පියතුමන්ලාද , ලෝරන්ස් රංජිත් රාමනායක පියතුමන්, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන සහ ප්‍රාදේශීය සභා මන්ත්රීනී දීපානී වේරගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ගම්පහ තිලකරත්න දිසානායක