පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාව හෙට (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.
ජනාධිපති කොමිසන් සභා වාර්තාව රජය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
හෙට පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු මහාලේකම් ධම්මික දසනායක මහතා පවසයි.