සාලියවැව පොලිස් වසමේ කුඹුක්කල්ල ප්රදේශයේ නිවසක් තුල කාන්තාවක් මියගොස් සිටින බවට සාලියවැව පොලිස් ස්ථානයට ඊයේ (03දා) ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකාරිය අවුරුදු 32 ක් වූ කුඹුක්කල්ල ප්රදේශයේ පදිංචිකාරියකි.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පුරුෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනය අනුව පොලිසිය සැකකරන අතර පුරුෂයා දැනට ප්රදේශයෙන් පලාගොස් ඇති බවට අනාවරණය වී ඇත.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සාලියවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.