කොවිඩ් ආසාදිතයින් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත්, එම හේතුව නිසා රෝගීන් විවිධ ස්ථානවලට වී ප්‍රතිකාර ලබාගන්නා බවත් පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන ලදි.
මේ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (04) පස්වරුවේ රාගම ශික්ෂණ රෝහලේ සිදු කරනු ලබන කොවිඩ් ප්‍රතිකාර සේවාවන්ට අදාල ගැටළු සහගත තත්ත්වයන් නිරික්ෂණය කිරිම සදහා විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත ව තිබේ.
“කොවිඩ් ආසාදිතයින් රෝහලට රැගෙන ආ පසු පළමුවෙන්ම රෝගින් ඇතුලත් කරන වාට්ටුවක් තිබෙනවා. ඉන් අනතුරුව වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් පසු එම රෝගීන් යොමු රනු ලබන්නේ දැඩි සත්කාර ඒකකයට ද, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ද, සාමාන්යකොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ද, නැතිනම් නිවෙස් තුල ප්‍රතිකාර සේවා සදහායොමු කරනවා ද යන්න තීරණය කරනු ලබනවා.
පසුගිය දවස්වල සාමාජ මාධ්‍ය ජාල තුල අපි දැක්කා මේ වාට්ටුව අරගෙන සමස්තකොවිඩ් රෝගීන් ඉන්න වාට්ටු සියල්ල එක වගේ කියලා පෙන්වා දී තිබුනා. අද රෝහලේ අධ්යක්ෂ තුමා සමග සාකච්ඡා කළේ රාගම රෝහලේ තවත් වාට්ටු කිහිපයක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා වෙන් කිරීමට සහ තවත් තදබදයක් තිබෙනවා නම් තවත් වාට්ටු කිහිපයක් ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම පිළීබදවයි.”