වෙන්නප්පුව පොලීසියේ පැමිණිල්ලක් විභාග කිරිම සඳහා කැඳවා තිබු පුද්ගලයෙක් සමග ආ කාන්තාවකට එම කාන්තාව සමග මෙයට පෙර ජිවත් වු අයෙක් අද (12) දහවල් පොලිස් ස්ථානය තුළදීම පිහියකින් ඇණිම නිසා බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුල් කල බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වයික්කාල ප්රදේශයේ උළු කර්මාන්ත ශාලාවක සේවය කරන ජි යෝගවානි 40 නැමති එක්දරු කාන්තාවකි.
මෙම පිහි ඇණුමෙන් බරපතල තුවාල ලැබු කාන්තාව හා වර්තමානයේ ජිවත් වන පුද්ගලයා හා වෙනත් පුද්ගලයෙක් අතර ඇති වු ආරවුලක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසියට කැඳවා පැමිණිල්ලක් විභාග කරමින් සිටින අතරතුර එම ස්ථානයට පැමිණි කාන්තාවට පිහියෙන් ඇණ ඇත්තේ මෙම කාන්තාව සමග වසර කීපයකට පෙර ජීවත් වු අයෙක් බව පොලීසිය පවසයි.
මෙම පිහිඇණුමට සම්බන්ධ මොරටුව ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්ව එම අවස්ථාවේදීම පිහියත් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පිහි ඇණුමට සම්බන්ධ පුද්ගලයාට දාව කාන්තාවට දරුවෙක් සිටින බවත් කාලයක සිට මෙම දරුවාව සැකකරුට පෙන්වන ලෙස ඉල්ලා සිටියත් කාන්තාව එම දරුවාව සැකකරුට නොපෙන්වා සැඟව සිටිම නිසා ඇති වු තරහක් මත කාන්තාව පොලිසියට ආ බව දැනගෙන දහවල් 1 ට පමණ මෙම පිහි ඇණුම සිදුව ඇති බවට මූලික පරික්ෂණ වලදි හෙළි වු බව පොලිසිය පවසයි.