පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ඊයේ (15 දා) උදෑසන 6.00 සිට රාත්‍රී 9.00 දක්වා දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ අපරාධ සඳහා පුද්ගලයින් 2646ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙයින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මධ්‍යසාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් වෙයි. එම සංඛ්‍යාව 1790කි.
මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 13186ක් එක්ව තිබේ.