පොලිස් දෙපාර්තමේන්තුව සඳහා අලුතින් පොලිස් කොස්තාපල්වරුන් (28000) විසි අට දහසක් බඳවා ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය
එලෙස බදවා ගන්නා ලද පොලිස් නිලධාරීන් දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14000 ආවරණ පරිදි ප්‍රජා පොලිස් සේවයේ සඳහා යොදවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා පැවසීය
එක ග්‍රාම සේවා වසම ට පොලිස් නිලධාරීන් දෙදෙනා බැගින් යොදවා ප්‍රජාව සමඟ මනා සබඳතාවයකින් පොලිසිය හා ගමත් එකිනෙකාට තවතවත් සමීපව කටයුතු කර ප්‍රදේශයේ පවතින මත්ද්‍රව්‍ය මෙන්ම අපරාධ මැඩලීම සඳහා එක පවුරක් ලෙස ශක්තිමත් අඩිතාලමක් දැමීම මෙහි ප්‍රධාන අරමුණ බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය