එප්පාවල පොලිස් ස්ථානාධිපති ඒ.ඒ.පි.රෝහණ අධිකාරි මහතාගේ නිල මුද්‍රාවට සමාන ව්‍යාජ නිල මුද්‍රාවක් සකස් කර ව්‍යාජ අත්සන් යොදා සේවය ස්ථිර කර ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට ලිපි ලේඛන ඉදිරිපත් කළ බව කියන තැපැල් සේවකයකු අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල ප්‍රදේශයේ තැපැල් හළක සේවය කරන 25 හැවිරිදි තැපැල් සේවකයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකාර තැපැල් සේවකයා පසුගිය දිනක එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට පැමිණ සිය සේවය ස්ථිර කර ගැනීමට පොලිස් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබු බව පොලීසිය පවසයි.
මෙම සැකකරු පුද්ගලයෙකුට අවි පෙන්වා තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව තඹුත්තේගම අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් අපරාධයක් සිදු නොකළ බවට පොලිස් සහතිකයක් නිකුත් කළ නොහැකි බව පොලීසිය විසින් ඔහුට දැනුම් දී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අද (14) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.