හබරණ, මීගස්වැව ප්‍ර දේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයෙ නිලධාරීන් ලෙස පවසමින් කාන්තාවන් දෙදෙනෙක් පැහැරගෙන ගිය සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (12දා) මෙම පැහැර ගැනීම සිදුකර තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30,39 හා 56 යන වයස්වල පසුවන්නෝ වෙති.
ඔවුන් භාවිත කළ පොලිස් ලාංඡනය සහිත නිල් පැහැති රෙදි තොප්පියක්, පොලිස් නාමය සහිත හැඳුනුම්පත් කවරයක්, පොලිස් ජීප් රියකට සමාන කලු පැහැති ජීප් රථයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පිළිබඳව කළ වැඩිදුර පරීක්ෂණවලසී මොවුන් වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ලෙස හඟවහින් යම් යම් ස්ථානවලට ගොස් මහජනතාව නොමග යවමින් කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
එසේම ඔවුන් අද (13දා) හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙවැනි ක්‍රියා සිදුකරන සැකකටයුතු අවස්ථාවකදී වලාන දූෂණ මර්ධන අංශයේ දුරකතන අංක 038-2234314 යන අංකය අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.