කිරිදිවැල ඉහළගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු ඔවුන් පොලිස් විශේෂ කාර්යය බලකායේ බව පවසමින් හැදුනුම් පතක්ද පෙන්වා නිවසේ තිබු මෝටර් රථයක් රැගෙන ගොස් ඇති බව කිරිදිවැල පොලිසිය කියයි.
ඒම නිවසේ තරුණයෙකු මීට ඉහත දිනකදී හෙරෝයින් ග්‍රෑම් 4ක් සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන අතර පැමිණි පිරිස හෙරෝයින් සම්බන්ධ වැඩිදුර විමර්ශනයක් සදහා මෝටර්රථය අවශ්‍ය බව පවසා ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකායෙන්ද විමසිමක් සිදු කොට ඇති අතර ඒම බලකායේ කිසිවෙකු විසින් ඒකී මෝටර් රථයක් රැගෙන නොගිය බවද පවසා ඇත.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා, සහකාර පොලිස් අධිකාරී චින්තක පිරීස් යන මහත්වරුන්ගේ උපදෙස් මත කිරිදිවැල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මිලන්තද සිල්වා, අපරාධ විමර්ශන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පියන්ක යන මහත්වරුන් වැඩිදුර විමර්ශන සිදු කරති.