පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලේ රෝගීන් ඇතුළත් කිරීම නොවැළැක්විය හැකි හේතුවක් නිසා සවස පහේ සිට පසුදා උදෑසන හත දක්වා තාවකාලිකව නවතා දැමීමෙන් පැල්මඩුල්ල සහ අවට ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ලක්ෂයකට අධික ජනතාවක් ජීවත්වන පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන ගණනාවක ජනතාවට සවස පහෙන් පසු යම් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් කහවත්ත හෝ රත්නපුර මහ රෝහල වෙත යායුතු බව ප්‍රදේශවාසීහූ කියති.
රෝහලේ ගිලන් රථයක් ද ඇති අතර හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගියෙක් හෝ ඇතුළත් නොකිරිම රෝගීන්ගේ ජීවිත අවදානමට ලක් කිරිමකැයි ජනතාව පවසති.
කලින් පැල්මඩුල්ල රජයේ රෝහල ලෙස මෙම රෝහල නම්කර තිබුණි. සබරගමු පළාත් සභාව යටතේ පාලනය වන මෙම ප්‍රාදේශීය රෝහලේ වාට්ටු දෙකක නේවාසික රෝගීන් සිටිති. උදෑසන හතෙන් පසු සවස පහ දක්වා රොගීන් ඇතුලු කිරිම කරනු ලබන අතර ඔවුන්ට ප්‍රතිකාර කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරේ. මීට අමතරව දිවා කාලයේ පවත්වන සායන සේවාවන් මෙන්ම බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ද සාමාන්‍ය පරිදි සිදු කෙරේ.
එහෙත් සවස පහෙන් පසු රෝගීන් ඇතුළත් නොකරන බව රෝහල අභ්‍යන්තරයේ ඇති රෝගීන් ඇතුළත් කරන පාර හරහා ලනුවක් ඇද එහි පුවරුවක් එල්ලා ස`දහන් කර ඇත. මේ සම්බන්ධයෙන් පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලෙන් කළ විමසුමකදි එහි ප්‍රකාශකයෙක් පැවසුවේ ප්‍රමාණවත් වෛද්‍යවරු නොමැතිකම ඊට හේතුව බවයි.
පැල්මඩුල්ල රෝහලේ වෛද්‍යවරු තිදෙනෙක් සේවය කරන අතර මේ මස මුලදී එක් වෛද්‍යවරියක් ප්‍රසූත නිවාඩු යාමෙන් මේ වනවිට සේවය කරන්නේ වෛද්‍යවරු දෙදෙනෙක් පමණක් බවද එම ප්‍රකාශකයා පැවසීය. දිවා කාලයේ සායන කටයුතු, වාට්ටුවල රෝගීන් පරීක්ෂා කිරීම්, රෝගීන් ඇතුලූ කිරිම්, බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ආදිය කිරිමට සිදුව ඇත්තේ ද එම වෛද්‍යවරු දෙදෙනාට නිසා සවස පහෙන් පසු රෝගීන් ඇතුළත් කිරිමේ කටයුතු අත්හිටුවා ඇති බව ද එම ප්‍රකාශකයා කීවේය.
මෙම තත්ත්වය සබරගමු පළාත් සෞඛ්‍ය අමාතයාංශයට කලින් දන්වා ඇති බවද පැවසූ එම ප්‍රකාශකයා, වැඩ ආවරණය කිරිමට වෛද්‍යවරයෙක් එවන තෙක් සවස පහේ සට පසුදා උදේ හත දක්වා රෝගීන් ඇතුළත් කර ගැනීම කණගාටුවෙන් වුවත් අත්හිටුවීමට සිදුවන බවද එම ප්‍රකාශකයා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් සබරගමු පළාතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසිමකදී එහි ප්‍රකාශකයෙක් පැවසුවේ වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීමේ බලය පළාත් සභාවට නොමැති බවයි. කෙසේ වෙතත් පැල්මඩුල්ල රෝහලේ වෛද්‍යවරියක ප්‍රසූත නිවාඩු යාම නිසා ඇතිවී තිබෙන තත්ත්වයට වෙනත් රෝහලක වෛද්‍යවරයෙක් වැඩ ආවරණය කිරිමට තාවකාලිකව අනුයුක්ත කර රෝගීන්ගේ අපහසුතාව මගහැරීමට කටයුතු යොදන බවද පැවසීය.
අජිත්ලාල් ශාන්තඋදය සහ පැල්මඩුල්ල ඒ ශාන්ත