සිංහල ,දෙමළ හා මුස්ලිම් වශයෙන් බහුවාර්ගික ජනතාවක් ජීවත් වන වවුනියාව දිස්ත්‍රික්කයේ පිරිසිදුකම සංස්කෘතියක් වුවහොත් මේ නගරය අලංකාර කිරිමට එතරම් කාලයක් ගත නොවනු ඇතැයි වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පවසා සිටියේය.
වන්නි දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් වැඩ භාර ගැනිමෙන් පසුව එතුමන්ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව නගර පිරිසිදු කිරිම සඳහා දැවැන්ත ශ්‍රමදානයක් සංවිධානය කොට තිබූ අවස්ථාවේදි මේ බව පවසා සිටියේය.
වවුනියාව පොලීසියේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙම නගර පිරිසිදු කිරිමේ ශ්‍රමදානය වෙනුවෙන් වවුනියාව නගරසභාව, වවුනියාව ව්‍යාපාරික සංගම, වවුනියාව ත්‍රිරෝද රථ සංගමය ඇතුලු ස්වේච්ඡා සංවිධාන කිහිපයක්ම මේ සඳහා සහාය දි තිබීම විශේෂ විය.
එහිදි ශ්‍රමදානය වෙනුවෙන් සහභාගි වූ වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රයන්ත මහතා කියා සිටියේ,
‘පසුගිය 2019 වසරේ වවුනියාව දිස්ත්‍රික්කයේ පමණක් ඩෙංගු රෝගීන් 700 කට අධික පිරිසක් වාර්තා වුණා. ඒ වගේම ඉන් පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ඩෙංගු රෝගීන් වුණා වගේම තමයි පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති බවත් වාර්ථා වුණා.
මේ ඩෙංගු වැළඳෙන්නේ මිනිසුන් වර්ග කරල නෙමෙයි. ඕනම කෙනෙක් ගොදුරු වෙන්න පුළුවන් වවුනියාව නගරය පිහිටලා තියෙන්නේ ඒ-9 මාර්ගය මධ්‍යයේ. ඉතින් මේ මාර්ගය ඔස්සේ දිනකට දිවයිනේ මෙන්ම විදෙස් සංචාරකයිනුත් උතුරට ගමන් කරන්නේ වවුනියාව හරහා සියලුදෙනා එක්ව නගරය පිරිසිදුව තියාගන්නවනම් මේ ගැටලු අවමයි.
නගරේ මාර්ගවල හා පොදු ස්ථානයන්හි ප්ලාස්ටික් ඇතුලු විවිධ අපද්‍රව්‍ය මම ගමන්කරන වෙලාවේ දැක්කා. ඉතින් අපි සංවිධානය කරා නගරේ පිරිසිදු කරන්න මොකද අපි එකපාරටම ජනතාවගේ වතුවලට පැනලා අපිරිසිදුයි කියලා දඩ ගහන එක නෙමෙයි කරන්න ඕන. පළමුව ජනතාවටත් පිරිසිදුකම කියන්න මොකද්ද කියල හිතන්න දෙන්න ඕන. අපි පිරිසිදු කරන හැටි කියල දෙන්න ඕන . එතකොට ඉබේම ජනතාව පිරිසිදුකම ඉගෙනගනියි.
නමුත් අපි මෙහෙම නගරේ පිරිසිදු කරල දිල ඉන්පසුවත් අපිරිසිදුව ඉන්නවනම් ක්‍රියාත්මක විය යුතුයි. ඒකටත් අනතුරු අඟවලා තියෙන්නේ. පිරිසිදුකම කියන එක සංස්කෘතියක් කරගත යුතුයි කියන හැඟීම අපි පුරුදු කරන්න උත්සාහ කරනවා යනුවෙනි.