පොදු ප්රවාහනය ශක්තිමත් කිරීම සඳහා අලුතෙන් බස් රථ 500ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ඉන්දීය ණය ආධාර යටතේ ඩොලර් මිලියන 15.3ක වියදමින් මෙම බස් රථ මිලදී ගැනීමට නියමිතය.
මෙම බස්රථ සකස් කිරිමේදී මගීන්ට පහසුවෙන් ඇතුළත්විය හැකි වීම වැනි පහසුකම් සහිතව නර්මාණය කර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
මෙම බස් රථ නාගරික ධාවනයට එක්කිරිමට නියමිතව තිබේ.