වසර සියයකට ආසන්න කාලයක් පුරා අනුරාධපුර පූජා භූමියේ ඇතුල්නුවර ජීවත්වන තමන් හට, ජලය හා විදුලිය ලබා ගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් අවසර ලබා නොදෙන බව පවසමින් හා එයට විරෝධය පළ කරමින්, අනුරාධපුර පූජා නගරයේ ඇතුල්නුවර වැසියන් අද (13 දා ) අනුරාධපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින්, එහි නිලධාරීන් කාර්යාල භූමියේ සිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
ජලය හා විදුලිය ලබාදීමට පුරාවිද්‍යා නිලධාරීන් අවසර දෙන තෙක් දින කීපයක් හෝ, මෙසේ පුරාවිද්‍යා කාර්යාලය වටලා ගෙන සිටින බව උද්ඝෝෂකයෝ මෙහිදී පැවැසූහ.
මහාබෝධි විද්‍යාලය අසල වැඩ සිටින ධම්මගවේශී හිමියන් පැවසුයේ,
බණ්ඩාරනායක මහත්තයා පූජා නගර සංවර්ධනය සැලැස්ම ක්‍රියාත්මක කරන වෙලාවේ මේ ඇතුල් නුවර ප්‍රදේශ වාසින් සඳහා වෙන් කල ප්‍රදේශයේ තමයි මේ පාරම්පරික අය පදිංචි වෙලා ඉන්නේ. පවුල් 150කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට බීමට ජලය හා විදුලිය ලබා ගන්න මේ පුරාවිද්යානිලධාරින් අවසර ලබා දෙන්නේ නෑ. ඇතැම් පුද්ගලයන් හිතවත්කම් මත ජලය, විදුලිය ලබා ගන්නවා. මේ අහිංසක ජනතාව අතර රෝගීන්, නැති බැරි අය, ඉගෙනුම ලබන පාසල් දරුවන් සිටිනවා, මේක මහත්තයෝ මානව අයිතියක්. මේ අය එංගලන්තයේ ඇමරිකාවේ ගිහින් ජීවත් වෙන්න නෙමෙයි මේ ඉල්ලන්නේ, ජය ශ්‍රී මහා බෝධියට පැන් ඇදපු, රුවන්වැලි සෑයට වැලි ඇදපු, පාරම්පරික මිනිස්සු මේ අය.බෞද්ධ ජනතාව එය අද අත්වෙලා තියෙන ඉරණම තමයි මේ.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර පුරාවිද්‍යා කොමසාරිස් එන්. එල් ගුණතිලක මහතාගෙන් කළ විමසීමක දී මෙසේ පැවසීය.
කාටවත් බල පුළුවන්කාරකම් වලට ජලය විදුලිය ලබා ගන්න අවසර දීලා නැහැ. මෙම ප්‍රදේශයේ වසර ගාණක් තිස්සෙ පදිංචි වෙලා හිටපු අයට ජලය විදුලිය ලබා දීලා තිබෙනවා. මෑතක සිට අනවසර ඉදි කිරීම් රාශියක් සිදුකර තිබෙනවා. ඒ අයට අධිකරණයේ නඩු පවරා තිබෙනවා. මේ නඩු විභාග වෙලා විසඳුමක් ලැබෙන තෙක් එයට අවසර ලබාදීමේ හැකියාවක් නැහැ.