පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමෙන්තුව කල් දැමීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුුතු කළේය.
ව්‍යවස්ථාදායක සභාව ගත් තීන්දු තීරණ සාධාරණීකරණය කරමින් කථානායකවරයා ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නොසන්සුන්කාරී ත්ත්තවය ඇතිවිය.
කල් දැමීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක්ද ආරම්භ කර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කථානායක කරු ජයසූරිය මහතා තමන්ට යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළේය.
කථානායක කරු ජයසූරිය මහතා මෙහිදී සඳහන් කළේ ජ්‍යෙෂ්ඨත්වය පමණක් සළකා බලා පත්කිරීම් සිදුකිරීමට ව්‍යවස්ථාදායක සභාවක් අවශ්‍ය නොවන බවයි.