පාර්ලිමේන්තු සභාව අද (03) දහවල් කථානායක නිල නිවසේ දි රැස්වීමට නියමිතව තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු සාමාජිකයන් ඊට එක්වීමට නියමිත බව වාර්තා වේ.
මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති නම් පිළිබඳ නිරික්ෂණ ඉදිරිපත්කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ ව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ලබන සඳුදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතව තිබේ.