පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී එම මන්ත්‍රීවරයාගේ අභිමානයට සහ ගෞරවයට හානියක් සිදු නොවන අයුරින් එම අත්ඩංගුවට ගැනීම සිදු කළ යුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂයේත්,විපක්ෂයේත් මන්ත්‍රීවරු ඊයේ පෙරවරුවේ පොලිසියට හා ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දුන්හ.
කුමන දේශපාලන පක්ෂයක් හෝ පාර්ශවයක් නියෝජනය කළද මන්ත්‍රීවරයෙක් වරදක් සිදුකර ඇත්නම් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු නමුත්, ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඒ සම්බන්ධව මාර්ගෝපදේශනයක් පොලිස් නිලධාරීන්ට නිකුත් කරන ලෙසත් මන්ත්‍රීවරු පොලිසියට සහ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දුන්හ.
මෙම උපදෙස් ලබාදීම සිදු කෙරුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේත්,විපක්ෂයේත් මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදීය.
කථානායකවරයාගේ ආරාධනය පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා , නිමල් සිරිපාලද සිල්වා මහතා, අනුර ප්‍රයදර්ශන යාපා මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක්ද ඊට සහභාගි වුහ. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින්ද ,වැඩබලන පොලිස්පති සී.ඩී ව්ක්‍රමරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරින් විශාල පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ගේ ගෞරවයට හානි සිදු නොවන පරිදි මෙන්ම පොලිස් නිළධාරින්න්ගේ අභිමානයට හානි සිදුනොවන අයුරින්, එය සිදු කළ යුතු බවත් මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.
මෙම තත්ත්වය පිළිබදව පාර්ලිමේන්තුවේදී ද මන්ත්‍රීවරුන් අවස්ථා ගණනාවක දී චෝදනා එල්ල කර ඇති බවත් මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීම සිදු කරන බව කථානායකවරයා දැනුවත් කල ද ,එය නිසි ක්‍රමවේදයකට අනුව සිදු නොවන බවටත් මෙහිදී චෝදනා එල්ල විය.
යම් මන්ත්රීවර්යෙක් චෝදනා මත අත් අඩංගුවට ගැනීම සිදු කිරීමට පෙර එම මන්ත්‍රීවරයාට පොලිසියට පැමිණෙන ලෙස දැන්වීමට වුවද හැකි බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කථානායකවරයා ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමටද මෙහිදී තීරණය කරන ලදී.