පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ භාණ්ඩ භාරගැනීමේ නිළධාරියා පලතුරු සැපයුම්කරුවෙකු ගෙන් රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය
කඩුවෙල බස් නැවතුම ආසන්නයේදී එලෙස අල්ලස් මුදල් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරිය කීය
පාර්ලිමේන්තුවට පලතුරු සැපයුම් කරන පුද්ගලයා ලබා දෙන පලතුරු අවලංගු නොකිරීමටත් ඔහුට එම සැපයුම දිගටම කරගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දෙන බව පවසා මාසෙකට රුපියල් තිස් දහස බැගින් අල්ලස් ඉල්ලා පසුගිය මාර්තු සහ ජුනි මසට අදාල මුදල් ලබාගනිද්දී අත්අඩංගුවට ගත් බව අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය
පැමිණිලිකරු කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් බවත් සැකකරු කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අයකු බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
බිමල් ශ්‍යාමන් ජයසිංහ