Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
තමන් මාකඳුරේ මධූෂ්ගේ කලු සල්ලි සුදුකරන බවට අභූත චෝදනා එල්ල කරන බවත් තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඇති ලංකා බැංකුවෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් මාසයකට රුපියල් 725000ක් ගෙවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. එසේම තමන් මධූෂ්ගේ පියාගේ අවමඟුල් ගෙදරට එක්වූ බවත් මධූෂ්ගේ මලගෙදරටද තමන් එක්වෙන බවත් එය මනුෂ්‍යත්වය නිසා බවත් ඔහු පැවැසීය.
“ මාකඳුරේ මදූෂ්ගේ සල්ලි අරගෙන කලු සල්ලි සුදු කරනවා කියලා මට මඩ ගහලා තිබුණා. නිරෝෂන් ප්‍රේමරත්න ට්‍රෙන්ඩි කියලා කඩයක් දැම්මා. ඒ කඩේ දාන්න ඉඩම ගත්තේ මිලියන 2.2 පර්ච් ඒකක්. පර්චස් 40ක් ගත්තා. බිල්ඩින් ඒක හදුවා කෝටි අටක්. කොහෙන්ද නිරෝෂන් ප්‍රේමරත්නට කෝටි අටක් ට්‍රෙන්ඩි ඒක දාන්න.
මම මේ ව්‍යාපාරය පටන් ගන්න බිල්ඩින් එක ගත්තේ කුලියට. මේකේ අයිතිකාරයා ඉන්නවා ඔස්ට්‍රේලියාවේ. කුලිය ලක්ෂ පහයි. මම මේකේ කී මනී එක ගෙවලා අරගෙන මුලින්ම මාස හයක් තිබුණා ව්‍යාපාරය පටන් ගන්න බැරිව වහලා සල්ලි නැතිව.
මම පාර්ලිමේන්තු බැංකුවට කතා කළා. වත්කම් නැතිව ණය දෙන්න විදිහක් නෑ කිව්වා. මට මිත්‍රයෙක් හිටියා තලවතුගොඩ ඔහු මට ඉඩම අවුරුදු 5කට ලියලා දුන්නා ණය ගන්න. මේ පාර්ලිමේන්තුවේ ලංකා බැංකුවට මම ණයට මාසයකට 725000ක් ගෙවනවා.
ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ මඩ නිර්මාණය කළේ. මාකඳුරේ මධූෂ්ගෙන් උදව් ගත්ත අය මේ පාර්ලිමේන්තුවේ ඇති. මම කියන්නේ මධූෂ් කරන්න ඕන එක දෙයක් තිබෙනවා. මධූෂ් දවසක මැරෙනවා මධූෂ්ට කරලා යන්න පුළුවන් එකම දෙයක් තිබෙනවා. කවුද උදව් කළේ, කොහොමද නිර්මාණය වුණේ කියන එක.
මළ ගෙදර ගිය මට ජවිපේ මට ගැහුවා. මට කාවවත් සුද්ද කරන්න ඕන නෑ. මධූෂ්ගේ අම්මා ජවිපේ සාමාජිකාවක්. මධූෂ්ගේ අම්මා වෙඩි තියලා මරණවා. ජනතා විමුක්ති පෙරමුණේ කවුරුවත් ගිහිල්ලා සමාජිකාව ගැන බැලුවේ නෑ. ජවිපෙට ගිහිල්ලා බල්න්න තිබුණා. ජවිපේ නිර්මාණය කළ භීෂණයේ ප්‍රතිඵලයක් තමයි මධූෂ්.”
popular news
Don Friday, 08 February 2019 08:38 PM
මෙයා කියන්නේ ලක්ෂ 88 ක ඉඩම මෙයාට යාලුවෙක් ලියල දුන්නලු. ඔස්ට්‍රලියාවේ සුද්දෙක් මෙයාට කෝටි 8 ක මුදල් දුන්නලු දැන්වත් හැදෙන්න කියල. අහගන්න,ලංකාවේ ඉන්නේ මෙයාව විශ්වාස කරන චන්දදායකයෝලු.
Reply : 99 11
Champa Saturday, 09 February 2019 01:44 AM
මදුෂ්ගේ කළු සල්ලි සුදු කිරීම කෙසේ වෙතත් මදුෂ්ව සුදු කරන්න නම් සෑහෙන වෙහෙසක් අරන් තියෙනවා.
Reply : 61 37
Champa Saturday, 09 February 2019 01:49 AM
මේ ඉලක්කම් හරිද? 7,25,000ක් කියන එක? මාසෙකට 7,25,000ක් ණය ගෙවන්න, මාසික ආදායම අඩු ගානේ 21,75,000 ක් වත් (මිලියන් 2.17ක් වෙන්න ඕනේ.) මාසික ආදායම කීයද?
Reply : 62 45
ranjith Saturday, 09 February 2019 04:36 AM
මුන් චන්දෙ දීල පාර්ලිමේන්තුවට එවන්නේ හරක්
Reply : 71 21
S.Dissanayake Saturday, 09 February 2019 07:02 AM
උම්බලා තොත්ත බබාලා
Reply : 51 19
Champa Saturday, 09 February 2019 09:36 AM
මදුෂ් අල්ලගත්තට පස්සේ කලබල වෙලා තමන්ගේ ගිණුම් ගැන කතා කරන්න පටන් අරන් තියෙනව දැක්ක.
Reply : 90 16
[email protected] Saturday, 09 February 2019 12:00 PM
For sure this man also helping madush by money laundering. Loan and business is the way to clear dirty money
Reply : 82 13
Matalan Saturday, 09 February 2019 12:40 PM
මේ මෛත්‍රීට පඩියෙන් රුපියල් 752000ක් ගෙවන්න පුලුවන්දේ. අල්ලස් කොමිසම බුදිද ?
Reply : 88 20
තිලක් Saturday, 09 February 2019 04:51 PM
වාරිකය එහෙම නම් ණය මුදල කීයද? අනික මේ විශේෂ අඩු පොලී ණයක් නේ.
Reply : 88 95
[email protected] Saturday, 09 February 2019 05:56 PM
මෙයා මදුස්හගේ කුඩු සල්ලි පිරිසිදු කරන්නේ මේ විදිහට තමඊ
Reply : 84 21
mathalan Saturday, 09 February 2019 09:03 PM
මෙම හොර මත්රීල දැන් නම් බය වෙලා හොදටම. උන් හිතන්නේ සල්ලි ඕනේ උන්ට පමණි කියල. මුන් ඉන්නකම් රටට යහපතක් සිදුවන්නේ නැහැ.
Reply : 80 11
Champa Sunday, 10 February 2019 01:43 AM
සාමාන්‍යයෙන් පිලි ගැනීමක් තිබුන ජාතික නිදහස් පෙරමුණේ ඉන්නේ සහ ඒ පක්ෂෙට බැඳෙන්නේ අනිත් පක්ෂ වලට වඩා වෙනස්, රටට ආදරය කරන, ජනතාව ගැන හිතන, හොඳ මිනිස්සු කියලා. දැන් ඒ අදහස වෙනස් වේගෙන යනවා. නිරෝෂාන් හිතන්නේ ලංකාවේ මිනිස්සු මන්ද බුද්ධිකයෝ කියල වෙන්නැති. ඒ එක්කෙනෙක්. අනිත් පැත්තෙන් පද්ම උදය ශාන්ත. විමල් සහ ජයන්තට පස්සේ අනාගතයක් තියෙන මන්ත්‍රී කෙනෙක් කියලා හිතුවට පාර්ලිමේන්තුවේ තක්කඩි ලැයිස්තුවේ දැන් නම තියෙනව.
Reply : 88 31
quintus Monday, 11 February 2019 11:02 AM
ඔබත් ලඟම ඇති ලංකා බැංකුවට ගොඩ වී අදම 'නිරෝශන් ප්‍රේමරත්න' ණය යෝජනා ක්‍රමය ගැන විමසන්න.
Reply : 55 64
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd