පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපති ලෙස මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පත් කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත.
ඊයේ (31) ඛනිජ තෙල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඒ මහතා අමාත්‍ය අමරවීර මහතා අතින් පත්වීම් ලිපිය බාර ගත්තේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ පරමාණුක විද්‍යා අංශයේ උපාධිධාරියෙක් වන රෝසා මහතා, එම ක්ෂේත්රයේම පශ්චාත් උපාධිධාරියෙක්ද වේ.
එස්.ආර්.ඩී. රෝසා මහතා 2015 – 2017 වකවානුවේදි පරමාණුක බලශක්ති අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් සේවය කර ඇත. උසස් පෙළ සිසුන් වෙනුවෙන් භෞතික විද්‍යා අංශයේ ග්රන්ථ කිහිපයක්ම ඔහු රචනා කර තිබේ.