ප්‍රීමා සහ ටෝකියෝ සමාගම් හා අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳව මාසයක් තුළ සොයාබලන බව වරාය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18දා) ත්‍රිකුණාමලය වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
"ත්‍රිකුණාමලය වරාය දියුණු කරන්න පුලුවන් කොහොමද කියල අපි බලන්න ඕනි. විශාලත්වය අතින් ගත්තාම මේක ලෝකයේ දෙවැනි ස්වභාවික වරාය යි. ඒත් මේකේ තියෙන්නේ ටෝකියෝ සිමෙන්ති එකයි, ප්‍රීමා එකයි විතරයි. ඒ ඇරෙන්න ඉන්දියන් ඔයිල් සමාගම හරහා අපි බංකරින් කරනවා.
අපි කිසිසේත් ම ත්‍රිකුණාමලය වරාය පෞද්ගලිකකරණය කරන්නෙ නෑ පහුගිය ආණ්ඩුව හම්බන්තොට දුන්නා වගේ. ඒක ජාතික අපරාධයක්. හම්බන්තොට වරාය දුන්න අයට ශාප වෙනවා. ඒකයි අවුරුදු පහෙන් ගෙදර යන්න සිද්ධ වුණේ.
ප්‍රීමා සමාගමෙන් චන්ද්‍රිකා මැතිනියගෙ කාලේ විශාල කොමිස් මුදලක් අරන් වරායෙ කොටසක් දුන්නා. අද රාජ්‍ය භාරය එන්නෙත් නෑ . නිකම්ම දීලා තියෙන්නෙ. මේවාට තමයි ඇත්තටම හිරගෙවල්, අලුත් උසාවි හදන්න තිබුණේ. මේ ගිවිසුම් සියල්ල ගැන අපි නැවත සොයාබලන්නට බලාපොරොත්තු වෙනවා.
මම ලේකම්තුමාට නියෝග කළා වහාම ගිවිසුම් දෙක සොයලා ගේන්න කියල. ඒ ගිවිසුම්වල තියෙන හානිදායක දේවල් , වාසි අවාසි අපි සොයාබැලිය යුතුයි. වාසිදායක දේවල් ඇති කියල මම නම් හිතන්නෙ නෑ. මේ ගැන කලින් ආණ්ඩු සොයලා බලලා නෑ.
ප්‍රීමා සහ ටෝකියෝ සමාගම්වල ගිවිසුම් ගැන මාසයක් තුළ සොයාබලන්න අපි බලාපොරොත්තු වෙනවා. නිවැරැදි කරන්න පුලුවන් දේවල් නීත්‍යනුකූලව කරනවා. නීත්‍යනුකූලව ඒ සම්බන්ධයෙන් ගත හැකි තීන්දු ඉදිරියේදී ගන්නව”