බාලවයස්කාර පිරිමි දරුවෙකුට (අවු.12), 2013 වර්ෂයේදී පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විදුහල්පත්වරයෙකුට බරපතල වැඩ සහිත් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකින් පසු, කොළඔ ප්රදේශයේ පදිංචි සැකකරු (අවු.52) අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව, නීතිපතිතුමා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.
චූදිත විදුහල්පතිවරයා වරද පිළිගැනීමෙන් අනතුරුව, අධිකරණය විසින් වසර 2ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර, වසර 5කට අත්හිටුවා ඇති අතර, රු. 5000/=ක දඩ මුදලක් ගෙවීමට ද නියම කර තිබේ. එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 3ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර පිරිමි දරුවාට රු. 25,000/=ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර ඇති අතර, එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසර 1ක සිර දඬුවම් ලබා දීමට ද නියම කර තිබේ.