අද සහ හෙට (17,18) යන දිනයන්හි ,විශේෂයෙන් බස්නාහිර,බස්නාහිර,සබරගමුව,වයඔ,මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇති විමේ හැකියාව ඉහළ මට්ටමක ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට දිවයිනේ බෝහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර,සබරගමුව , මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්ඇතැම් ස්ථාන වල මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර වයඔ පළාතේ ඇතැම් ස්ථානවල මී.මි75ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.