ශ්‍රී ලංකාවේ වාහන ප්රදර්ශනාගාර තුළ වාහන 4100ක් තවමත් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
මේ අතර මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ගම්මන්පිල මහතා පැවැසුවේ කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ විනිමය ගැටලුවකට මුහුණ දී ඇති බවයි.
ශ්‍රී ලංකාව සුවිශේෂී තත්ත්වයක සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා එන මාර්ග අවහිර වී ඇති බවද සඳහන් කළේය.