ග්‍රෑන්ඩ්පාස්හි ශ්‍රී ලංකා රේගුව විසින් පවත්වාගෙන යන බහාලුම් අංගනයට අයුතු ලෙස ඇතුළු වී ප්‍රති අපනයනය සඳහා එහි රඳවා තිබූ බහාලුමක රේගු මුද්‍රා ඉවත් කර කහ කැබලි කිලෝ 18180ක් සොරකම් කළ පුද්ගලයන් 8ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කහ ආයනය කිරීම තහනම් කර ඇති අවස්ථාවක කොළඹ 11 ප්‍ර දේශයේ පුද්ගලික ආයතනයක් විසින් මෙම කහ තොගය ගෙන්වා තිබුණි. ඒ පිළිබඳව රේගුව විමර්ශනයක් කිරිමෙන් අනතුරුව ඒවා ප්‍රති අපනයනය සඳහා රඳවා තිබියදී මෙම සොරකම සිදුව තිබේ.
මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකර තිබේ.
ඒ අනුව අවස්ථා දෙකකදී සැකකරුවන් 8ක් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙරකමට යොදාගත් වෑන් රථ දෙකක්, ලොරි රථයක් සමග කහ කැබලි කිලෝ 20ක්, කහ කුඩු කිලෝ 12 ග්‍රෑම් 500ක්, මුදලින් රුපියල් 45 112 032 ක් සොරකම් කිරීමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන නවීන වර්ගයේ කාර් රථයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.