සෞභාගයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති මාලාවට අනුව 2030 වන විට පුර්ජනනීය බලශක්ති 70%ක් දක්වා ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ ප්‍රගතිසමාලෝචන රැස්වීමක් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිවල සැලැසුම් පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය මෙහිදී යොමු විය.
එහිදී දේශීය ව්‍යවසායකයන් බල ගැන්වීමේ අරමුණින් ව්‍යාපෘති සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේ දී දේශීය ආයෝජකයන් තෝරා ගැනීමට කටයුතු කළ යුතු බවට අදාළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
”සෞභාගයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති මාලාවට අනුව 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීමේ දී පුනර්ජනනීය බල ශක්තිය ලබා ගැනිම පිළිබඳව අපි විවෘතව කතා කළ යුතු වෙනවා. මේ 70% කියන ප්‍රමාණය අඩු වැඩි කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම නොවෙයි මෙහිදී වැදගත්වන්නේ . දැනට ක්‍රියාත්මක කළ හැකි සියළු ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.”
“2025 දක්වා වන කාලය තෙක් නිම කිරීමට නියමිත ව්‍යාපෘති සැලසුම්වල කිසියම් ගැටළුවක් පැන නැගී නැත්නම් අපිට පුළුවන් එම ව්‍යාපෘති කඩිනම් ක්‍රියාත්මක කිරීමට . ඇතැම් අවස්ථාවන්වල ව්‍යාපෘති සැලසුම් නිර්දේශවුණත් ආයෝජකයන් පැමිණි විට ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි යැයි පවසනවා . යළිත් එවැනි දේවල් සිදු නොවිය යුතුයි. ”
සූර්ය පැනල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අයක්‍රම සංශෝධන කමිටුවක් (Tariff committee ) පත් කිරීම සුදුසුබව පෙන්වා දුන් අමාත්‍යවරයා අදාළ කමිටුව පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් ලබා දෙන ලදී.