කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කොරෝනා ආසාදිත කාන්තාවක් පානදුර නගරය ආශ්‍රීත වෙළෙඳසැල් හතරකට ආ ගිය බවට අනාවරණය විමෙන් අනතුරුව එම වෙළෙඳසැල් 4 වසා දැමිමට පියවර ගත් බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති.
රෙදිපිළි වෙළෙඳසැලක් ,සිංහල බෙහෙත් අලෙවිසැලක් ,විදුලි උපකරණ ප්රදර්ශනාගාරයක් හා ජංගම දුරකථන අලෙවිසැලක් ඒ අතර වන බව එම මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති.
එම වෙළෙදසැල් 4හි සේවකයින් මෙන්ම පානදුර මාළු වෙළෙඳසැල්වල ව්‍යාපාරිකයින් සහ සේවකයින් ඇතුළු 120ක් පමණ අද (23) පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල භූමියේදි පි.සි.ආර් පරික්ෂණවලට භාජනය කිරිමට පියවර ගෙන තිබේ.