පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි
ආසාදිත පුද්ගලයා රියදුරු රැකියාවට අමතරව සෑම දිනකම අලුයම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට කුලී ගමනක් යන බවට අනාවරණය වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ආ ගිය බව කියන පුද්ගලයන් සිටී නම් පි සි ආර් පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස දිනවල මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් අනතුරුව මෙම රියදුරුද පි සි ආර් පරිශ්‍රයට භාජනය වී තිබූ බව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි .
එම රියැදුරුගේ පරීක්ෂණ වාර්තාව පෙරේදා රාත්‍රී ලැබී තිබූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
එම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් නගරාධිපති ඇතුළු නගර සභාවේ සේවක සේවිකාවන් 300ක් පමණ දෙනා පි සි ආර් පරීක්ෂණ වලට භාජනය කිරීමට නියමිත බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.