කුරුණෑගල - කොළඹ ප්රධාන මාර්ගයේ රත්ගල්ල පාරට හැරෙන හංදියේදී බස් රථයක්, බවුසර් රථයක් හා ත්රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 10ක් පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
පුද්ගලික බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ත්රි රෝද රථයක පසුපස ගැටී නැවතත් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බවුසර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
තුවාල ලැබූවන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර අති බවත් මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත්කර ඇති බවත් පොලීසිය පවසයි. පොතුහැර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.