පතල් කැනීම්කරුවන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අද සිට ආරම්භ කෙරුණා.
සුබසාධක මණ්ඩලය හරහා මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේ.
මැණික් කර්මාන්තකරුවන්ගේ පහසුව සදහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව ප්‍රාදේශීය උප කාර්යාලයක් ඇලහැර ලග්ගල ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.
මෙරට මැණික් සම්පතෙන් තායිලන්තයේ සහ හොංකොංහි වසරකට ඇමෙරිකා ඩොලර් බිලියන 40 ක් පමණ උපයන ආදායමෙන් කොටසක් හෝ රටට නැවත ආකර්ශනය කර ගැනීම සදහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මෙහිදි කියාසිටියේ.