රට බංකොලොත් නොවී ඉදිරියට ගෙන යාම වර්තමානයේ තිබෙන විශාලතම අභියෝගය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ඊයේ(10) පැවතී වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝග හයක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනා හයක් පිළිබද විවාදයේදී අදහස් පල කරමින් හෙතෙම මේ බව සදහන් කළේය.
හැකි නම් ඉදිරි අවුරුදු දෙක තුළ ණය වාරික පැහැර හරින්නේ නැතිව ආණ්ඩුව පවත්වාගෙන යන ලෙස විවෘත අභියෝගයක් ඉදිරිපත් කරන බව සදහන් කළ පාඨලී චම්පික රණවක මහතා
"මම බොහොම පැහැදිලිව මුදල් අමාත්‍යවරයාට කියන්න ඔනී මේ රටේ අභියෝගට රට බංකොලොත් නොවී ඉදිරියට යෑම මිසක් කට වාචාල කමට රට මේ තරම් වර්ධනයක් ලබා ගන්නවා,මේ තරම් අධිවේගී මාර්ග හදනවා කියන එක නෙවෙයි. අද තියෙන බරලතලම අභියෝගය තමයි ඉතා සුළු හෝ වර්ධනයක් පවත්වාගෙනකෙටි කාලකින් රට බංකොලොත් නොවී රට ඉදිරියට ගෙන යන්නේ කියන එක.
මේ වසරේ කෝවිඩ් වසංගතය නැතිවත් පළමු මාස තුනේ වර්ධන වේගය ඝෘන 1.6 යි. මේ සැප්තැම්බර් 15 වෙනිදාට සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊළඟ මාස තුනේ වර්ධනය ලබා දෙන්න ඔනී .ඒක ඝෘන 10ට ආසන්නයි. ඒ අනුව මේ වසරේ සමස්තයක් ලෙස ආර්ථිකය ඉතිහාසයේ පළමු වතාවට ඝෘන 6 ක කඩා වැටීමක් තියෙනවා.
ඒක ලබන වසරටත් ගමන් කරනවා. එසේ නම් අද අභියෝගය තමයි කෙසේද මේ ඝෘන ආර්ථිකය යාන්තමින් හෝ ධන කරගෙන මේ තියෙන දැවැන්ත ණය කන්ද ගෙවාගෙන රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ඉදිරියට ගෙන්යන්නේ කොහොමද කියලා. ඒකෙදි ජාත්‍යන්තර ප්‍රතිරෑපය අපිට ඉතාමත් වැදගත්. අපි ව්‍යවස්තාවට අනුකූලව නොවේ නම් මුදල් වියදම් කරන්නේ නීතියට අනුකූල නොවන ආකාරයට නම් බංකොලොත් භාවය කරා ගමන් කිරීමක් තමයි සිදු වන්නේ.
අපි අවුරුදු70ක් ණය ගත්තා. සිටිය සෑම ආණ්ඩුවක්ම.ඒත් කිසිදු ආණ්ඩුවක් ණය ගෙවීම පැහැර හැරීයේ නෑ.ඒ නිසා විවෘතව මම අද මේ පාර්ලිමේන්තුවේ කියනවා. හැකිනම් ආර්තික ඔස්තාර්ලා එකතු වෙලා මේ ඉදිරි අවුරුදු දෙක ණය ආපසු ගෙවීම පැහැර හරින්නේ නැතිව කරගෙන යන්න කියලා අපි කියනවා.
අපිට වෙන මුකුත් අවශ්‍ය නෑ.මොකද මේ රට බංකොලොත් වුණොත් මේ ආණ්ඩුවට විතරක් නෙවෙයි මේ රටේ සමස්ත ජනතාවට බලපානවා.අපි දක්කවා රටවල් බංකොලොත් වීමේ ප්‍රතිපල.මේකෙදී පරණ ආණ්ඩුවට බැනලා වැඩක් නෑ.අපේ ආණ්ඩුව වැරදි තිබුණත් යම් ස්තාවරත්වයකට ගෙනාවා.*යැයිද පැවසීය.