මහානගර ඇමති චම්පික රණවක මහතා සහ තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් වෝටර්ස් ඒජ් හෝටලයේදී පවත්වා තිබේ.
එම අවස්ථාවට එංගලන්ත, ජපාන, කැනේඩියානු, දකුණු අප්‍රිකානු, තායිලන්ත, ඉතාලි, ස්විස්ටර්ලන්ත සහ නෙදර්ලන්ත තානාපතිවරුන් එක්ව තිබේ.
මෙහිදී අමාත්‍යවරයා මහානගර අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක කරන මහානගර ව්‍යාපෘතින් හි ප්‍රගතිය පිළිබඳව සහ ඉදිරියේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳව තානාපතිවරුන් දැනුවත් කළේය. එහිදී තානාපතිවරුන් විසින් මහානගර ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව සිය ප්‍රසාදය එහිදී අමාත්‍යවරයා වෙත පළකර සිටියේ ය.
ජපන් ආධාර මත කඩුවෙල සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක කරන සැහැල්ලු දුම්රිය සේවා ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ඇමති චම්පික රණවක මහතා සහ ජපාන තානාපති අකිරා සුගයාමා මහතා අතර තොරතුරු හුවමාරු විය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා ජපානයේ ජයිකා ආයතනයෙන් ඩොලර් මිලියන 1,850 ක මුදල සියයට දශම එකේ සහන පොලියට ලබාදීම පිළිබඳව තම ස්තූතිය ජපන් රජයට පිරිනමන බවයි.