පූජිත් හා හේමසිරි යළි රිමාන්ඩ්
- 19 11 2019
- 11:10
- {{hitsCtrl.values.hits}} views
- ..
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දෙසැම්බර් මස 03 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩි භාරයේ තැබීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්රස්ත ප්රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත.
බන්ධනාගාර නිලධාරින් විසින් මෙම සැකකරුවන් අද (19) කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා හමුවට පමුණුවනු ලැබුවේය.
රහස් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාගේ දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තා ලබාගෙන විමර්ශනයක් සිදුකළ බවත් සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
