පුගොඩ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්
- 21 10 2020
- 08:45
- {{hitsCtrl.values.hits}} views
- ..
පූගොඩ පොලීසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙක් හදිසියේ අසනීපවී මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පසුගිය 11 වනදා රාත්රීයේ අත්අඩංගුවට ගත් අදාළ සැකකාර තරුණයා අසනීපවීම හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබුණි.
පසුව, 21 හැවිරිදි එම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කළේය.
ඒ අනුව, මුලික පරීක්ෂණයන්ට අදාළව පූගොඩ පොලීසියේ පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
