නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්
නානුඹය සිට සිංගල් ට්‍රී කන්ද හරහා නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපාතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.
සීමාසහිත අවුට්ඩොර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා වැය කිරීමට ඇස්තමේන්තු ගත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 50කි. නානුඹය දුම්රිය ස්ථානය, නුවර එළිය තුරඟ තරග පිටිය හා සිංගල් ට්‍රී කඳු මුදුණ යා කරමින් කුළුණු 21ක් මත ගොඩනැගීමට යෝජිත මෙම ව්‍යෘතිය හරහා එකවර මගීන් 10කට ගමන් කළ හැකි කුටි 88කින් සමන්විතය.
එහි පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහත් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
