පදිංචි නිවසේ අයිතිය ඉල්ලා එකම පවුලේ අයියයි මල්ලියි අතර ඇතිවූ බහින්බස් වීමෙන් අනතුරුව ඊයේ (5දා) අයියා මල්ලිට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි වැලිකඩ පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වැලිකඩ රාජගිරිය බණ්ඩාරනායකපුර වත්ත ප්රදේශයේ පදිංචිව සිටි පී.එ්.සී. ජනකලාල් (48) දෙදරු පියෙකි. සිද්ධියෙන් අනතුරුව සැකකාර අයියා පිහියත් රැගෙන ප්රදේශය හැර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය පියාට අයත් පර්චස් එකහමාරකින් පමණ යුත් ඉඩමේ පිහිටි නිවසේ මෙම සහෝදරයන් දෙදෙනාම මව සමඟ පදිංචිව සිටින අතර සිද්ධිය වන අවස්ථාවේදී මොවුන් දෙදෙනා පමණක් නිවසේ සිට ඇති බව පොලීසිය කියයි.
පියාට අයත් ඉඩම තමන් වෙත ලියා දෙන ලෙස සොයුරන් දෙදෙනා ම මවට ඊයේ දින ද ඇවිටිලි කර අනතුරුව සැකකාර සොයුරා මව සමග රණ්ඩු වීම හේතුවෙන් ඇය නිවසින් පිටවී සිය දියණියගේ නිවසකට ගොස් රැඳී සිට ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඇය නිවසින් පිට වී යාමෙන් අනතුරුව මොවුන් දෙදෙනා අතර බහින් බස්වීම ගුටි බැට හුවමාරුවක් කරා ගොස් අනතුරුව අයියා මල්ලිගේ පපුවට පිහියෙන් ඇන තිබූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධිය දැනගත් අසල්වාසීන් ඒ බව මෙම සොයුරන්ගේ මවට දැනුම් දීමෙන් අනතුරුව ඇය අසල්වාසීන් සමඟ එක්ව මියගිය අය කොළඹ ජාතික රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමේ දී මියගොස් තිබූ බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගිය පුද්ගලයා මීට වසර කිහිපයකට ඉහත දී විදේශගතව පැමිණි අයෙක් බවත්,සැකකරු කුලී වැඩ වල නිරත වෙන්නෙ ක් බව පොලීසිය කියයි.
49 හැවිරිදි සැකකාර අයියා සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.