නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4996 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථා 06වන දින පෙරවරු 9.30ට පමන ලැබුන අවස්ථාවේ මෙම අලුත් ආසාදිතයන් හමුව ඇති බවත් මෙයින් වැඩිම ආසාදිතයන් ප්‍රමානයක් කොටගල, මස්කෙළිය, බගවන්තලාව, අඹගමුව, ලිදුල, වැනි සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලට අයතු වතු ආශ්රිත ප්‍රදේශවලින් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා පවසන ලදි.
මෙම ආසාදිතයන් 4996 දෙනාගෙන් ආසාදිතයන් 3418 දෙනකුම සිංහල හිංදු අලුත් අවුරුද්දෙන් පසුව කොවිඩ් තුන්වන රැල්ලෙන් හමුව ඇති බවද මෙසේ අලුතින් හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් විශාල පිරිසක් එම ප්රදේ්ශවල සිටිය හැකි බවත් එම ආශ්‍රිතයන් සොයා එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත මරණ 71ක් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා