නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් 19 ආසාදිතයන් 52ක් හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 7928 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවලදි කරන ලද පි. සි. ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවලදි මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කරන බවත්ය.
මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වන විට පරික්ෂන ආරම්භ කර ඇති බවත් එසේ සොයා ගන්නා ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිත සමස්ථ මරණ ගනන 141ක් වන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.