නුවරඑලිය නගරයේ පිහිටි තරු පහේ සංචාරක හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන නුවරඑලියෙන් ඉවත් කර ගන්නා ලෙස නුවරඑලිය ප්‍රදේශවාසින් සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලා සිටියි.
ඩුබායි රාජ්‍යයේ සේවයේ නියුතු 389 දෙනෙකු ඉකුත් මස 31 සහ මේ මස 2 දින දිවයිනට පැමිණි දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු එම රෝගින් දෙදෙනා අංගොඩ පිහිටි බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර ඇති බව නුවරඑළිය ජනතාව පවසති.
නුවරඑලිය සංචාරක හෝටල් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන කිසිදු අයෙකුට පිටතට පැමිණිම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර එම හෝටලය අවට යුධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව ආරක්ෂාව තර කර ඇත.
නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වෛද්‍යවරුන් සහ ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍යවරුන් විසින් එම සංචාරක හෝටල්වල නිරෝධායනයට යොමු කර ඇති පිරිස දිනපතා පරික්ෂණයට භාජනය කෙරෙයි.
එම සංචාරක හෝටල්වල සේවය කරන නිලධාරින් සහ සේවකයින් තම සේවා මුරය අනුව එම හෝටල් වලින් පිටතට පැමිණෙන බවත් , එම පිරිස නුවරඑලිය නගරයේ සහ අවට නිවාස වල පදිංචිව සිටින බවයි නුවරඑලිය ප්‍රදේශවාසින් කියා සිටින්නේ.
එසේ පැමිණෙන පිරිස හරහා නුවරඑලිය ප්‍රදේශයට කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමක් පවතින බවද නුවරඑලිය ප්‍රදේශවාසින් කියා සිටියි.
පවත්නා අවධානම තත්ත්වය පිළිබඳව නුවරඑලිය දිස්ත්‍රික්කයේ වගකිය යුතු උසස් නිලධාරින් මුණිවත රකින බවත් , කඩිනමින් එම නිරෝධායන මධ්‍යස්ථාන නුවරඑලියෙන් ඉවත් කර ගන්නා ලෙසයි නුවරඑලිය ප්‍රදේශයේ ජනතාව වගකිය යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.