නවනැලිය මොලමුරේ නිවසින් අතුරුදන්ව දිනකට පසුව මළසිරුර හමුවූ විසි හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් ඇගේ ඥාතියෙකු ඇතුළු දෙදෙනක් 12දා රාත්‍රී ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව කල්තොට පොලීසිය පැවසුවේ ය.
කල්තොට පොලිස් වසමට අයත් නවනැලිය, මොලමුරේ පදිංචිව සිටි භාග්‍යා සෙව්වන්දි සේනාධීර (20) නැමැති තරුණිය පසුගිය 11දා නිවසින් අතුරුන්ව තිබුණි. නිවසට කිලෝමීටර් භාගයක් පමණ දුරින් දළ බෑවුමක පහළින් පිහිටි නවනැලි ඔයේ තිබී ඇගේ සිරුර 12දා පෙරවරුවේ හමුවිය.
මියගිය තරුණිය 12දා උදේ දහය, දහය හමාර වනවිටත් නිවසේ මුළුතැන්ගෙය අස්පස් කරමින් සිටි බවට තොරතුරු ලැබී තිබුණි. ඇගේ සිරුර වැටී තිබුතැනට පහසුවෙන් ගමන් කළ නොහැකි බවද පොලීසිය පැවසුවේය.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් මියගිය තරුණියගේ ඥාතියෙක් බවද පොලීසිය පැවසුවේ ය. ඇයට විවාහ යෝජනාවක් අනුව ඉදිරියේ ළඟම දිනයක කුරුණෑගල ප්‍රදේශයෙන් පිරිසක් ගම්බිම් බැලීමට පැමිණීමට නියමව තිබූ බවට විමර්ශනවලදී හෙළිවූ බව ද පොලීසිය පැවසුවේය.
මෙම සැකකරුවන් දෙදෙනා 12දා රාත්‍රී බීමත්ව යතුරු පැදියකින් යද්දී මාර්ගයේ වාහන පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව කල්තොට පොලීසිය විසින් කළ ප්‍රශ්න කිරිම්වලදී භාග්‍යා සෙව්වන්දි සේනාධීර තරුණියගේ මරණය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කිහිපයක් සොයාගත හැකිවූ බවද පොලීසිය පැවසුවේය.