පුත්තලම කලපුවට අයත් සිමාවන් තුල නාවික හමුදාව හා පුත්තලම ධිවර නිලධාරින් එක්ව සිදුකල වැටලිමකදි ලක්ෂ 50කට අධික නීති විරෝධි කූඩු දැල් අත්අඩංගුවට ගත් බව කියයි.
පුත්තලම කලපුව තුළ ඉතිහාසයේ සිදුකල විශාලතම වැටලිම මෙය බවද ධිවර නිලධාරින් කියයි.
මෙම කූඩු දැල් වැටලිමේදි කූඩු දැල් 350ක් අත් අඩංගුවට ගෙන තිබු අතර එක් දැලක වටිනාකම රුපියල් 15,000 ක් වන බව කියයි.
පුත්තලම කලපුවට අයත් පල්ලිවාසල්තුරේ,මන්ඩලකුඩාව , නරිකුඩාව , කුරිඤඤංපිටිය කලපු තිරයන් තුළ එළා තිබු හා ගොඩබිම තුල තිබු මෙම නීතිවිරෝධි කූඩු දැල් අත්අඩංගුවට ගත් බව පුත්තලම සහකාර අධ්යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි.
1996 අංක 925 / 48 දරණ ගැසට් පත්‍රය මගින් ධිවර හා ජලජ සම්පත් පනතේ 61 වගන්තිය අනුව මිරිදිය හා කලපු ආශ්‍රීතව මෙම කූඩු දැල් තහනම් දැල් ආම්පන්නයක් ලෙස නම් කර ඇති බව කියයි.
මෙම කූඩු දැල් හේතුවෙන් කලපුවේ කුඩා මසුන් සියල්ලම කොටුවන බවත් එම මසුන් කූඩු දැල් ධිවරයින් විසින් ගොඩබිමට රැගෙන විත් විනාශ කිරිම නිසා කලපු පරිසරය දැවැන්ත විනාශයකට ලක්වි මේ වනවිට කලපු පරිසරය තුළ මත්ස්‍ය සම්පත අහිමි විමේ තර්ජනයටද ලක්වි ඇති බව ද ධිවරයින් පවසයි .
වැටලිම් සිදුවන අවස්ථාවේදි සැකකාර ධිවරයින් පලාගොස් තිබු අතර මොවුන් හදුනා ගැනිමට පරික්ෂණ ආරම්භ කර ඇති බව පුත්තලම සහකාර ධිවර අධ්යක්ෂ කාර්යාලය පවසයි.
වැටලිම සදහා පුත්තලම විජය නාවුක කදවුරේ නිලධාරි දස දෙනෙකු එක්වි තිබු අතර පුත්තලම සහකාර ධිවර අධ්යක්ෂ කාර්යාලයේ ධිවර නිලධාරින් රැසක් ද එක්වි තිබුනී.